නීති විරෝධී ගිනි අවියක් ළඟ තබා ගත් පුද්ගලයෙකු අද (19) උදෑසන මොනරාගල සුදුවතුර ආර ප්රදේශයේදී ගිනි අවියද සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගෙන ඇත්තේ සුදුවතුර ආර කුඹුක්කන මොනරාගල ලිපිනයේ පදිංචි 58 හැවිරිදි පුද්ගලයෙකි.
මොනරාගල පොලීසියේ නිලධාරීන් පිරිසක් කුඹුකන සුදුවතුරආර ප්රදේශයේ කළ විශේෂ වැටලීමකදී මෙම ගිනිඅවියත් සමඟ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා මොනරාගල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.