එප්පාවල පොලිස් වසමේ මහ ඉළුප්පල්ලම ප්රදේශයේ දී අලියෙකු පහර දීමෙන් පුද්ගලයෙක් මිය ගොස් තිබේ.
ඊයේ(06) දින රාත්රී 7-8 ත් අතර, කාලයේ මෙය සිදුව ඇතැයි පොලීසිය සඳහන් කරයි.
මහ ඉළුප්පල්ලම ප්රදේශයේ හේනක සිට නිවසට එමින් සිටි පුද්ගලයෙකු මෙලෙස අලි ප්රහාරයට හසුවී ඇත.
ප්රහාරයෙන් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 58 ක් වු ඉහළගම, මහ ඉළුප්පල්ම ප්රදේශයේ පදිංචි පුෂ්පාගේ සුද්ධා යන පුද්ගලයෙක් බව අනාවරණය වී තිබේ.
මිය ගිය පුද්ගලයාගේ මෘත ශරීරය මේ වන විට අනුරාධපුර රෝහලේ තැන්පත් කර ඇත.
එප්පාවල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.