අල්ලස් ගත් විදුහල්පතිනිය රිමාන්ඩ්

0
82

මහනුවර හිඳගල සීවලි මහා විද්‍යාලයට ළමයෙකු ඇතුලත් කර ගැනිම සදහා රුපියල් 25,000ක අල්ලසක් ලබාගත් බව සඳහන් කරමින් අල්ලස් හා දුෂණ විමර්ශන නිලධාරින් විසින් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර විදුහල්පතිවරිය ලබන 27 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අද (15) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය මගින් නියෝග කළේය.

මහනුවර හිඳගල සීවලි මහා විද්‍යාලයේ පළමු වන වසර සදහා ළමයෙකු ඇතුලත් කිරිම සදහා එහි විදුහල්පතිවරිය අල්ලස් මුදලක් ලබාදෙන ලෙස පැමිණිලිකාරිය කියා සිටි බව සඳහන් කරමින් අල්ලස් හා දුෂණ විමර්ශන අංශයට කළ පැමිණිල්ලකට අනුව එම නිලධාරින් ඊයේ ( 14 ) එම පාසැලට ගිය අවස්ථාවේදි මෙම විදුහල්පතිවරිය අල්ලස් ලබා ගැනිමේදි අත් අඩංගුවට ගෙන ඇත.

පාසැල අවසන් වු පසු පස්වරු 1.30 ට පමණ කාන්තාවන් දෙදෙනෙකු විදුහල්පතිවරියගේ කාර්‍යාලය වෙත පැමිණ ඇති අතර මෙම විදුහල්පතිවරිය එම දරුවාගේ දෙමවුපියන්ගෙන් අල්ලස් ලබා ගැනිමේදි මෙම අත් අඩංගුවට ගැනිම සිදුකර ඇත.

මේ සම්බන්ධව විදුහල්පතිනියගේ ස්වාමියා වන කේ.ජී.එස් ගුණසේකර මහතා පවසා සිටියේ,

ගිය වසරේ හිඳගල මහා විද්‍යාලයේ විදුහල්පති තනතුරට සම්මුඛ පරික්ෂණයකින් සුදුසුකම් සපුරා පාසැලට පැමිණියත් එවකට වැඩ බලන විදුහල්පති ලෙස සිටි සුදුසුකම් සපුරා නොමැති වැඩබලන විදුහල්පතිවරයා තම බිරිද පත්විම ලැබුවත් වැඩ බලන විදුහල්පතිවරයා රාජකාරිය භාර නුදුන් බවත් පළාත් අධ්‍යාපන ලේකම්ගේ දැඩි තින්දුව මත වැඩ භාර ගත් බවත් එදා සිට විදුහල්පති රාජකාරියේ යෙදෙන විට යම් යම් කුමන්ත්‍රණ සිදුකර තම බිරිඳ අපහසුතාවයට පත්කල බවත් මෙය අල්ලස් කොමිසම නොමඟ යවා සිදුකල කුමන්ත්‍රණයක් බවද ඔහු පැවැසිය.