අයිස් මත්ද්‍රව්‍ය ‍තොඟයක් කොළඹ වරායෙන් සොයා ගනී

0
747

කඩදාසි තුළ සඟවා මෙරටට රැගෙන ආ අයිස් මත්ද්‍රව්‍ය ‍තොඟයක් කොළඹ වරායේ රේගු බහලුමක් තුළ තිබී සොයාගෙන තිබේ.

මලයාසියාවේ සිට අදාල මත්ද්‍රව්‍ය තොඟය මෙරටට රැගෙනවිත් ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධිකාරි ලාල් වීරකෝන් මහතා සදහන් කළේය.

අදාල මත්ද්‍රව්‍ය තොඟය සම්බන්ධයෙන් සැකපිට මලයාසියානු ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

රේගු නිවාරණ බුද්ධී ඒකකයට ලැබුණු තොරතුරකට අනුව මෙම මත්ද්‍රව්‍ය තොඟය සොයාගෙන ඇති බව ලාල් වීරකෝන් මහතා සදහන් කළේය.