අයින්ස්ටයින්ගේ අත් අකුරු වලට ලැබුනු වටිනාකම

0
29

පිටු 54ක් රුපියල් කෝටි 260කට අලෙවි වෙයි

ලෝකයේ පහළ වූ විශිෂ්ටතම බුද්ධිමතකු වන ඇල්බට් අයින්ස්ටයින්ගේ අත් අකුරු රැගත් ලේඛනයක් ඇමරිකානු ඩොලර් මිලියන 13කට (ලංකා රුපියල් කෝටි 260කට) අලෙවි වී තිබේ.

මෙහි ඇතුළත් වන්නේ අයින්ස්ටයින්ගේ සුප්‍රකට න්‍යාය වන සාපේක්‍ෂතාවාදය පිළිබඳ න්‍යාය සොයා ගැනීමේදී ඔහු විසින් කරන ලද ගණනය කිරීම් බව සඳහන් වේ. මෙම වෙන්දේසිය සිදුව ඇත්තේ පැරිසියේ ක්‍රිස්ටී’ස් නමැති වෙන්දේසි ආයතනයේදීය.

එම වෙන්දේසි ආයතනයේදී මෙවැනි ලේඛනයක් අලෙවි වූ වැඩිම මුදල මෙය බව සඳහන් වේ. මෙය පිටු 54කින් සමන්විත ලේඛනයකි. මෙහි ඇති ගණනය කිරීම් කර ඇත්තේ ඇත්තේ 1913 -14 වසරවලය. සාපේක්‍ෂතාවාදය පිළිබඳ න්‍යාය ප්‍රකාශයට පත් කෙරුණේ 1915 වසරේයි. ඉහත කී ලේඛන ආරක්‍ෂිතව තබාගෙන සිට ඇත්තේ මෙම න්‍යාය සොයා ගැනීමේදී අයින්ස්ටයින්ට සහාය වූ ස්විස් ජාතික මිචෙල් බෙසෝය.
අයින්ස්ටයින් මෙවැනි සටහන් තබා ගත්තේ ඉතාම අඩුවෙන් බව සඳහන් වේ. එවැනි පසුබිමක මෙම ලේඛන සුරක්‍ෂිතව තබා ගැනීම ගැන ක්‍රිස්ටී’ස් ආයතනය බෙසෝ වෙත ගෞරවය පුද කර තිබිණි.