
දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ පැවැති ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය පරාජයට පත් වුවද තරඟාවලිය තුළ නවක ක්‍රීඩකයන් දැක් වු දක්ෂතා සම්බන්ධයෙන් සෑහීමකට පත්වන බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පවසයි.
තරඟ සංචාරය නිමා කරමින් පෙරේදා (08) මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් දිවයිනට පැමිණි අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කළේය.
“අපි බලාපොරොත්තු වුණ ප්‍රතිඵලය හම්බුනේ නැහැ. එහෙත් සතුටු දායක වෙන්න පුළුවන් කාරුණු කිහිපයක් තියෙනවා. විශේෂයෙන්ම නවක ක්‍රීඩකයෝ දැක් වූ දක්ෂතා පිළිබඳව ගොඩක් සතුටුයි. ඒ දක්ෂතා එක්ක අපි බලනවා එළඹන එංගලන්ත සංචාරය හොඳින් ක්‍රීඩා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. හැම තරඟාවලියකම අලුත් ක්‍රීඩකයෝ කිහිපදෙනෙක්ව සංචිතයේ තියාගන්න. මොකද ඔවුන්ට අපි අත්දැකිම් දෙන්නට ඕනේ. ඒ ගැන මම කෝච් මිකී ආතර් සහ හැම දෙනාම ඒ ගැන බලාපොරොත්තු වෙනවා.“