අද සිට වැස්ස වැඩි වෙයි

0
965

අද (03) සිට දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කර කරන බව කාළගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව පවසයි.

උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

සෙසු පළාත්වල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

නැගෙනහිර, උතුරු මැද, බස්නාහිර, මධ්‍යම, සබරගමුව පළාත්වල සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි. මී. 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැක.

මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති වන බව සඳහන් වේ.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.