අද තද වැසි

0
580

දිවයින පුරා බොහෝ ස්ථානයන්හි සවස් කායේදී හෝ අපරභාගයේදී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඌව, සබරගමුව, මධ්‍යම, දකුණ හා බස්නාහිර පළත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ඉක්ම වූ තද වැසි අපේක්ෂා කළ හැකි බවත් අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

එසේම කොළඹ, කලුතර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල තැනින් තැන උදෑසන කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.