අදිල් රෂීඩ්ට නැවත ටෙස්ට් වරම්

0
12

එංගලන්ත කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක අදිල් රෂීඩ් එරට ටෙස්ට් සංචිතය සඳහා නම් කිරීමට යෝජනා වී තිබේ.

ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ටෙස්ට් තරගාවලි සඳහා ඔහු යළි කණ්ඩායමට කැඳවීමට බලාපොරොත්තු වන බව එංගලන්ත කණ්ඩායමේ පුහුණුකරු ක්‍රිෂ් සිල්ව(ර්)වුඩ් ප්‍රකාශ කර ඇත.

පසුගියදා ඔස්ට්‍රේලියාව සමග පැවැති අවසන් 20යි 20 තරගයේදී අදිල් රෂිඩ් දැක්වූ දක්ෂතාමත ඔහු යළි ටෙස්ට් සංචිතය සඳහා කැඳවිමට තීරණය වී ඇති බව සඳහන් වේ.

2019 ජනවාරි මාසයෙන් පසු අදිල් රෂිඩ් ජාත්ය න්තර ටෙස්ට් තරගයක් සඳහා සහභාගී වී නොමැති බව සඳහන්ය.