අත, බුලත ඉවතට මහින්ද පොහොට්ටුවෙන් මැතිවරණයට

0
405

ආණ්ඩු විරෝධී ජනතාවගේ හැඟීම බලාපොරොත්තුව පොහොට්ටුව ලකුණ බවට පත්ව ඇති බැවින් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජියෙක් ලෙස ආණ්ඩු විරෝධී සියලූ බලවේග එකට එක්කරගත් පොහොට්ටුව ලකුණින් ඒකාබද්ධ පොදු සංධානයක් ලෙස ඉදිරි මැතිවරණයට ඉදිරිපත්වීමේ බලාපොරොත්තුවක් ඇති රත්නපුර දිස්ත‍්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටී. රංජිත් සොයිසා මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.

ඔහු පවසන පරිදි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අත ලකුණ හෝ එක්සත් ජනතා නිදහස් සංධානයේ බුලත් කොළය ලකුණ මෙවර මහ මැතිවරණයේ දී බිහිවන නව සංධානයේ ඡන්ද ලකුණ නොවනු ඇත.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ටී. රංජිත් සොයිසා රත්නපුර දිස්ත‍්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා මෙසේ ද කීය.

‘‘ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණත් ශ‍්‍රීලංකා නිදහස් පක්‍ෂයත් ජාතික නිදහස් පෙරමුණත් පිවිතුරු හෙළඋරුමයත් ශ‍්‍රී ලංකා මහජන පක්‍ෂයත් දේශ විමුක්ති ජනතා පක්‍ෂයත් සමසමාජ සහ කොමියුනිස්ට් පක්‍ෂත් නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණ ඊපීඞීපී සහ අතාවුල්ලා මහතාගේ දේශපාලන පක්‍ෂය ඇතුලූ සියලූ දේශපාලන කණ්ඩායම් ජාති හිතයිශී ක`දවුර තුල ගොනුවෙමින් පවතිනවා.

මේ තත්ත්වය තුල ඉදිරි මැතිවරණයකදී ඒකාබද්ද සංධානයක් ලෙස පොදු ලකුණකින් මැතිවරණයට ඉදිරිපත්වීමට මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ සහ මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ආශිර්වාද මත අපි සූදානම්. ඉතා පැහැදිලිව කියන්න ඕනෑ පොහොට්ටුවෙන් පළාත් පාලන මැතිවරණය තරග කරලා පළාත් පාලන ආයතන 342න් 229ක බලය පැහැදිලිව අත්පත් කරගත්තා.

අද පොහොට්ටුව ලකුණ ඉතාම ආකර්ශනීය, ශක්තිමත් සලකුණක් ලෙස ජනතාවගේ හදවත් තුල පැලපදියම් වෙලා තියනවා. ආණ්ඩු විරෝධී ජනතාවගේ හැ`ගීම බලාපොරොත්තුව පොහොට්ටුව ලකුණ බවට පත්වෙලා තියනවා. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජියෙක් ලෙස ආණ්ඩු විරෝධී සියලූ බලවේග එකට එක්කරගත් පොහොට්ටුව ලකුණින් මැතිවරණයට ඉදිරිපත්වීමේ බලාපොරොත්තුවක් අපේ තියනවා. කැමැත්තක් තියනවා. ඒ ස`දහා අදාල කාරණා සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඒකාබද්ධ පොදු සංධානයක් ලෙස ඉදිරිකාලයේ මැතිවරණයට ඉදිරිපත්වීමටත් රජය ශක්තිමත් කිරිමටත් බලාපොරොත්තු වෙනවා.‘‘