අතුරුගිරිය-පිටකොටුව බස් වර්ජනයක්

0
109

අතුරුගිරිය-පිටකොටුව මාර්ග අංක 170 බස් මාර්ගයේ අද(23) උදෑසන සිට බස් වර්ජනයක් ආරම්භ කර තිබේ.

වැලිකඩ පොලිස් ස්ථානයට අදාළව රාජගිරිය ප්‍රදේශයේ දී බස් රථ රියදුරෙකු හා පොලිස් නිලධාරියෙකු අතර ඇතිවු බහින් බස් වීමක් දුර දිග යෑමෙන් පොලිස් නිලධාරියා විසින් බස් රථ රියදුරාට පහර දී ඇතැයි පවසමින් මෙම මාර්ගයේ බස් වර්ජනය ආරම්භ කර ඇත.

කෙසේ වෙතත් අතුරුගිරිය පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් අද දෙරණ කළ විමසීමක දී ඒ මහතා පවසා සිටියේ මේ වන විට ගැටළුව සමතයකට පත්ව ඇති අතර තව සුළු වේලාවකින් බස් ධාවනය ආරම්භ කරන බවයි.