අඩනිරුවත් හෝ නිරුවත් දර්ශණයක් ඉල්ලනව නම්, මම ඒක කරනවා

0
35

ඩ්ස්නි රාජපක්ෂ (Dishney Umario Rajapakshe) රංගන ශිල්පිනියක්, නිරූපණ ශිල්පිනියක් ලෙස ජනප්‍රිය වෙමින් ඉන්න තාරකාවක්.

ඇය ඇයගේ කලා කටයුතු සම්බන්ධයෙන් ප්‍රකාශ කළ සිටියේ, “සත්‍යා ටෙලිනිර්මාණයට තමයි මේ දවස්වල කාලය වෙන් කරලා තියෙන්නේ, එය හොඳට කරන්න ඕන නිසා මම අනිත් ලැබුණු වැඩ බාර ගත්තෙත් නෑ. ඒ සඳහා හොඳ ප්‍රතිචාරත් ලැබෙනවා.

මගෙන් ඒ විදිහේ රංගනයක් බලාපොරොත්තු වෙන්න බෑ කියලත් ගොඩක් අය කියනවා. මම ගොඩක් වෙලාවට කළේ දඟකාර, කටකාර, බොලද පෙම්වතියගේ චරිතය.

ස්වභාවික රංගනයක් නෙවෙයි එහි තියෙන්නේ Dramatic පැත්තට බර රංගනයක්. රූ ගත කිරීම් නැත්තන් මම කරන්නේ ගෙදරට වෙලා අධ්‍යාපන කටයුතු වලට කාලය වෙන් කිරීමයි.

මේ ක්ෂේත්‍රය ඇවිත් කෙටි කලයක් වෙන්නේ. මම සීයට සීයක් රංගන ක්ෂේත්‍රයේ රැදෙන්න බලාපොරොත්තුවක් නැති වුණාට මම රංගනයට ගරු කරනවා.

මට හොද නිර්මාණ හම්බුණා. හැබැයි මම චරිත වලට ආසාවෙන් විතරක් නාට්‍ය වලට යන්නෑ. පිටපත කොයි වගේද, අධ්‍යක්ෂවරයා කවුද කියලත් මම බලනවා” යනුවෙනි.

තවද ඇය පවසා සිටින්නේ ” මම ජනප්‍රියත්වයට ආසයි. හැබැයි ඒ වෙනුවෙන් බලෙන් මුකුත් කරගන්න කැමති නැහැ. මන් මේ යන ගමනෙදි ප්‍රරේක්ශයන් මට ආදරේ වෙනවට කැමතියි.

මම අධ්‍යාපනය ඉවර කරල තමයි ලංකාවට ආවේ. මගේ මස්ටෙර් එකේ වැඩවලට ආයෙත් විදෙශගත වෙන්න සිද්ධ වෙනවා. මගේ වැඩි කැමැත්ත තියෙන්නෙ සිනමාවට. මං පුන්චි තිරයටත් ආසයි.

සිනමාව තුලත් තෝරාගැනීම් කරන්න සිද්ධ වෙනවා. ඉතාම උසස් නිර්මාණයක අඩනිරුවත් හෝ නිරුවත් දර්ශණයක් ඒ නිර්මාණයෙන් ඉල්ලා සිටිනවානම් මට ඒක කරන්නෙ නැතුව ඉන්න බැහැ.

ඒ කෘතියෙන් ඉල්ලා සිටිනවානම් ඒක මම කරනවා. හැබැයි ඒක කොයිවගේ නිර්මාණයක්ද කියලා මං බලනවා. “ යනුවෙනි.