රටේ ඇතිවී තිබෙන වත්මන් අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (11)රාත්රියේ ජාතිය අමතා ප්රකාශයක් කිරීමට නියමිතය.
රට බරපතළ අර්බුදකාරී තත්වයකට පැමිණ ඇති බැවින් , ජාතිය අමතා ප්රකාශයක් කරන්නැයි ආණ්ඩු පක්ෂයේ මන්ත්රී කණ්ඩායම ද අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් පසුගිය සතියේ ඉල්ලීමක් කර තිබිණි.
ඒ අනුව ,අගමැතිවරයා අද රාත්රියේ මෙම විශේෂ ප්රකාශය කරනු ඇතැයි දැනගන්නට ඇත.